‘චුන්නාකම් කොල්ලය බේරන්න ගිය පොලිසියට ගහලා‘


යාපනයේ චුන්නාකම්හිදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු පහර කෑමට ලක්වූයේ කඩයකින් කප්පම් ගැනීමේ සිදුවීමක් පාලනය කිරීමට ගිය අතරතුර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියයි.

මුහුණු ආවරණය කරගෙන අංක තහඩු නැති යතුරු පැදිවලින් පැමිණි හය දෙනකු කඩයෙන් කප්පම් ගැනීමට යෑමේදී එය සමථ කිරීමට පොලිසියේ දෙදෙනා ගොස් ඇති බවත්, එහි දී පහර දීම සිදුවී ඇති බවත් වාර්තා වෙයි.

සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කළ පොලිසියේ දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.