මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරිමට පැමිණ සිටින චීන ජාතිකයනට නාඔටුන්නේ දී පිරිසක් පහර දුන්නැයි කියන සිද්ධියකට විරෝධය පාමින් චීන ජාතිකයෝ පිරිසක් මාතර ව්‍යාපෘති කාර්යාලය ඉදිරිපිට අද(29) උද්ඝෝෂණයක් කළහ.
තමනට ආරක්ෂාව සලසන්නැයි ඔවුහු ඉල්ලති. පහර කෑමට ලක් වු බව කියන චීන ජාතියන් සිව් දෙනෙකුගෙන් දෙනෙකු මාතර පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව චීන ජාතිකයෝ කියති.
පහර දුන් පිරිස හඳුනා ගෙන ඇතැයි ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් තුනක් පත් කර ඇතැයි ද පොලිසිය පවසයි.

![20160629_160620_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_160620_resized1.png)
![20160629_155624_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_155624_resized1.png)
![20160629_155624_resized[1]_0](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_155624_resized1_0.png)
![20160629_160533_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_160533_resized1.png)
![20160629_160546_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_160546_resized1.png)
