‘චැනල් ෆෝර් දර්ශන බොරු‘


එංගලන්තයේ ස්වාධීන වාර්තා චිත්‍රපට නිෂ්පාදකයකු වන කැලම් මෑක්රේ ගේ " ශ්‍රී ලංකා ඝාතන රැල්ල" නමිවු තුන්වන චිත්‍රපටයේ දැක්වෙන බොහෝ දර්ශන නිර්ව්‍යාජ නොවන බව මේ පිළිබඳව සොයාබෑලු බොහෝ දෙනා පවසති. විශේෂයෙන් ප්‍රභාකරන්ගේ බාල පුතාවූ බාලචන්ද්‍රන් ලෙස හඳුන්වන අයෙකු මියගොස් ඇති ආකාරය දක්වන නිශ්චල ඡායාරූප එකිනෙකට පරස්පර විරෝධී බව ඔවුහු පෙන්වා දෙති. 

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව මගින් මැක්රේ නිෂ්පාදනය කළ මුල් චිත්‍රපට දෙකම විකාශනය කෙළේය. ඉන් දෙවෙනි චිත්‍රපටයේද ප්‍රභාකරන්ගේ පුතාගේ යැයි කිවූ මළසිරුරක් පෙන්වන ලද අතර ඒගැන දීර්ඝ වශයෙන් කරුණු විශ්ලේෂණය කරනු ලැබීය. එම ඡායාරූපයේත් අලුතින් එළි දක්වා ඇති එවැනිම ඡායාරූප දෙකත් අතර විශාල වෙනස්කම් දක්නට ලැබෙතියි එය බැලූ බොහෝ දෙනෙක් කියති.

 අලුත් ඡායාරූපයේ යට කොටසේ එම පින්තූරය ගත් පුද්ගලයාගේ  සෙවනැල්ල දක්නට ඇත. හිසට කිට්ටුව සෙරෙප්පු සහ සපත්තු පැළඳගත් පා දෙකක් අක්නට ඇත. කලින් පෙන්වූ ඡායාරූපයේ මේ දෙකම දක්නට නොලැබෙයි. මේ නිසා එම පින්තුර දෙක නිර්ව්‍යාජ  ඒවා ලෙසින් පිළිගත නොහැකි බව මේ පිළිබඳව අදහස් දැක්වූ එක්සන් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න කියයි. මෙම ව්‍යායාමයේ එකම පරමාර්ථය මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් රැස්වීමේදී ශ්‍රී ලංකාව අපහසුතාවට පත්කිරීම බව ද මෙහි පිටුපසින් ඉන්නේ විදේශගතව ඉන්නා කොටි හිතවාදීන් බව හොඳටම පැහැදිලිවන බවද ඔහු කියයි.

කැලම් මෑක්රේ ගේ අලුත්ම චිතපටය පැය එකහමාරක් දිග බවත්  එය ප්‍රථමවතාවට ප්‍රදර්ශනය කිරීමට සුදානම් කර ඇත්තේ ජිනීවා සම්මේලනය අතර වාරයේදී බවත් දැනගන්නට ඇත.

මීටපෙරද මක්රේ හැදු චිතපට පෙන්වූයේ  ජිනීවා සම්මේලනය  ආසන්නයේය. මෙයින්  ඔවුන්ගේ යටි පරමාර්ථ පැහැදිලිවන බව කියන  වික්‍රමරත්න මහතා, ගිය වසරේ ජිනීවා සම්මේලනය පැවතී දිනවල එම ශාලාවේදී මක්රේ හමුවූ බවත්  එහිදී ඔහුගේ චිත්‍රපටවල ඇති පක්ෂපාතී භාවය සහ ශ්‍රී ලංකා විරෝධී භාවය ගැන දීර්ග වශයෙන්  කරුණු ගෙනහැර දැක්වූ බවත් කීවේය.

මැකරේ අඟහරුවාදා ඉන්දියා   මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත්තේ " ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන දින කිහිපයේ තුල සිදුවූ යුද අපරාධ සඳහා කෙලින්ම ශ්‍රී ලංකාවේ දෙදෙනකු වන කිය යුතු බවයි.