පාසල් දිවා ආහාරය අද (21) සිට ලබා දෙන ලෙස දන්වමින් අධ්‍යාපන සේවා අමාත්‍යංශය 2014/01 අංකයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇතත් පසුගිය අවුරුද්දේ අවසන් තුන්මාසයට අදාළ ගෙවීම්වත් තවම සිදු කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි.
පසුගිය මාස කිහිපය වෙනුවෙන් ගෙවීම් සිදු කර නැති නිසා ආහාර සැපයුම්කරුවන් දිවා ආහාරය ලබා දීම ප්‍රතික්ෂේප කරන බව විදුහල්පතිවරයෙක් එසැණට පැවසීය.
දිවා ආහාරය ලබා දීම සඳහා ප්‍රමාණවත් මුදලක් ලබා නොදී චක්‍රලේඛ නිකුත් කිරීමෙක් පළක් නැතැයි ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.