රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සිදුවී යැයි කියන අවිආයුධ අස්ථාන ගතවීම් ආදියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේසම් දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපති ජයන්ත කොළඹගේ හා ජයන්ත පෙරේරා ද අවි ආයුධ අපහරණය කළැයි ඇවන්ගාඩ් සභාපති නිශ්ශංඛ සේනාධිපති ද වගකිව යුතු අය ලෙස සැලකීමට බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම අද ක්‍රියා කළේය.
නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මූලික විරෝධයක් මතු කරමින් ඔහු ඊට වගකිව යුතු යැයි නම් කිරීමට විරුද්ධත්වය දැක්වීය. මේ අතර කොමිසම ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ කළැයි රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී ගාමිණී ජයරත්නට එරෙහිව පියවර ගැනීමටද කොමිසම තීරණය කරයි.
මේ ගැන වැඩිදුර පරීක්ෂණයක් දෙසැම්බර 3, 4,11,22 හා 28 යන දිනවල පැවැත්වීමට ද ඉන් පසුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නීතිපතිට යොමු කරන බව ද කොමිසම කියයි.

