‘ගොවියාට සහන දෙනවා වෙනුවට සුද්දාට තැන දෙනවා‘


‘ගොවීන්ට සහන දී කෘෂිකර්මය නංවනවා වෙනුවට මේ ආණ්ඩුව සුද්දන්ගේ නිෂ්පාදනවලට වෙළඳපොළක් හදා දෙන්න කටයුතු කරමින් ඉන්නවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(3) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘ගොවියන්ට සහන දෙන රටවල් රැසක් තියෙනවා. ඇමරිකාව, ඉන්දියාව වගේ රටවල් විශාල ලෙස සහන දෙනවා. ගොවියාට සහන දුන්නොත් සියලු අංශවලට එය බලපානවා. ඒ වාසිය රටටම බෙදී යනවා. ආහාර නිපදවීමට සහන දිය යුතුමයි. කප්පාදු කිරීම හොඳ නෑ‘ යැයිද ඔහු කීවේය.