‘ගොවියා කටු ඉඹුලේ‘


කප්රුක යට ඉන්නට එන්නැයි ගොවි ජනතාවට ආරාධනා කල ආණ්ඩුව අයවැයෙන් ගොවි ජනතාව කටු ඉඹුලට නංවා ඇතැයි එක්සත් ගොවිජන පෙරමුණේ ලේකම් පියසිරි විජේනායක මහතා ප්‍රකාශ කළේය.

යහපාලන නායකයන් ගොවි ජනතාව විනාශකාරී දොරටුවක් වෙත තල්ලු කලේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කලේය.

 ගොවියාට දුන් සහනාධාර අය වැයෙන් කපා හැරීමට ගත් අසාධාරණ තීරණය පිළිබඳව ගමින් ගමට ගොවිජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් කුියාත්මක කරන බව ද ඒ මහතා ප්‍රකාශ කලේය.

ගොවි සහන කැපූ, ජලයටත් මුදල් අය කරන  මේ යහපාලන අයවැයට පක්ෂව ඡන්දය දෙන ජනතා නියෝජිතයන්ට ගමට එන්නට දෙන්න එපා යැයි හෙතෙම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.