සියලූම ගොඩනැගිලි අනුමත කිරීම, සැලසුම් කිරීම ආදියේ බලය ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට බවත්, පළාත් සභාවලට එහි කිසිදු සම්බන්ධයක් නැති බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරිය 1978 වසරේ පිහිටුවන අවස්ථාවේදී එම පනත යටතේ පාර්ලිමේන්තුවෙන් ලබාදී තිබෙන බලතල වලින් ඔබ්බට කිසිදු බලතලයක් භාවිතා කර හෝ කිසිවෙකුගේ බලතල පවරාගැනීමක් කර නොමැති බවද අමාත්‍යවරයා කීවේය.
වෝටර්ස් ඒජ් හෝටල් පරිශ‍්‍රයේ දුම්රියක අත්දැකීමක් ලබාදෙන ඉවුර අද්දර නැවතුම්පොළ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීය.

