‘ගෙවන්න බෑ හකුළ ගනිව්’


(යොහාන් භාසුර)

වෘත්තීය සමිති බහුජන සංවිධාන එකමුතුව සංවිධානය අධික විදුලි බිල සහ භාණ්ඩ මිල, බදු බරට එරෙහිව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (9) උද්ඝෝෂණයක් පැවැත්වීය.

වෘත්තිය සමිති නියෝජිතයන් රැසක් සහභාගි වූ එම උද්ඝෝෂණයේදී ඔවුහූ ‘ගෙවන්න බෑ හකුළ ගනිව්’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)