‘ගුරුවරුන් බඳවාගැනීමේ වෙනසක්‘


ඉදිරයේදී ගුරුවරුන් බඳවා ගන්නේ පාසල් පාදක කරගනිමින් යැයි අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතා අද (4) අරලියගහ මන්දිරයේ පැවැති ජාතික විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 3225කට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයට එක්වෙමින් කීවේය.

‘ගුරුවරුන් බඳවා ගන්නේ පාසලේ පවතින පුරප්පාඩු මත. මේකෙන් පාසලට පැමිණෙන ගුරුවරයා හිත හදාගෙන එන්න ඕනෑ පාසලේ සේවය කරන්න. ඒ වගේම ගුරු තුලනයක් ඇති කිරීමට හා ගුරු විද්‍යා පීඨයක් සඳහා අද අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා‘ යැයි ද ඔහු පැවසීය.

DSC_6638 DSC_6648 DSC_6622