පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවත්, ඔහු දැනට නීති විරෝධීව මෙරට රැඳී සිටින බවත් නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා මෙම දැනුම් දීම සිදු කළේ ගුණරත්නම් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී ය.

