පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට නොයෙල් මුදලිගේ නමින්ද විදෙස් ගමන් බලපතක් අනාවරණය වූයේ ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය විට ඔහුගේ නිවසේදී බව අධිකරණයේ සාක්කි දෙමින් කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කී අතර අධිකරණයට පෙර ඉදිරපිත් කළ වාර්තාවල ඔහු දක්වා ඇත්තේ ගුණරත්නම් අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ආ පසු එය අනාවරණය වූ බව යැයි අද අධිකරණයේ දී කියැවිණි.
එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්කි දුන් නිලධාරියා කීවේ වීසා කාලය දිගු කිරීමට ගුණරත්නම් යොමු කළ අයැදුම ප්‍රතික්ෂේප කළ බව ඔහුට දැනුම් නොදුන් බවයි. සාමාන්‍යයෙන් එලෙස දිගු නොකරන්නේ නම් ඒ බව දැනුම් දෙන බවත්, ගුණරත්නම් දේශපාලනය කරන නිසා ඔහු පිටුවහල් කරන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් ලිඛිතව දැන්වීයැයි ද එම ඔහු කීවේය.

