‘ගුටිකෑ මාලක ඇතුළේ : ගැසූ සුද්දා එළියේ‘


‘සුද්දා මගේ නහය කැඩෙන්න ගැසූ බව ගෝඨාභය රාජපක්ෂ රූපවාහිනී සාකච්ඡාවකදී කියා තිබුණා. මං අහන්නේ මම නහය කැඩෙන්න ගැහුවා කියන්නේ මට බරපතල තුවාලනේ. ගුටුකාපු මා මාසයක් විතර ඇතුළේ (හිරේ) හිටියා. ගහපු සුද්දා ඇයි දවසක්වත් ඇතුළේ දැම්මේ නැත්තේ?‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මාධ්‍යයට පැවසීය.

‘මම රෝහලේ හිටපු ෆොටෝ බලන්න. මගේ නහය හතර පස් සැරයක් කැඩිලා තියෙනවා. මේවා රබර් වගේ. මට ගුටිකන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නොවෙයි. මේ සුද්දා ගැහුවේ මං අනිත් පැත්ත බලාගෙන ඉන්දි. මම ඇතුළට ගියා. මට ගහපු සුද්දා තවම එළියේ.

මගේ ප්‍රශ්නයක් තියෙනවා නම් තිබිලා තියෙන්නේ නයිට් ක්ලබ්ස්වල. මං දේශපාලන වේදිකා කුඩු කරලා නෑ. දේශපාලනඥයන් එක්ක ගහගෙන නෑ. මට වෙන පක්ෂයක් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. ‘

ඔබට නාමයෝජනා ලැබේදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මාලක කීවේ තමා ඡන්දය ඉල්ලන බවයි.

‘මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියටයි මං ගරු කරනවා. ඔවුන් මට සෑහෙන්න උදව් කර තිබෙනවා.‘