‘ගිය රජයේ ටකරන් බෙදිල්ලත් සාධාරණ නෑ‘


නිවාස සංවර්ධන අධිකාරිය ගිය රජය සමයේ උඩුනුවර ජනතාවට බෙදන්න ගෙනා ටකරන් තොගයක් කිසිවකුටවත් සාධාරණව නොබෙදූ බවත් ඉන් කොටසක් තවමත් හිටපු බලවතකුගේ ගම්පොළ ස්ටෝරුවක තිබෙන බවත් ඒවා අදාල නිලධාරින් සමග සාකච්ඡා කර අහිංසක දුගි දුප්පත් ජනතාවට ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් මහනුවර දිස්ත්‍රික් (එ.ජා.ප ) මන්ත්‍රි ලකී ජයවර්ධන මහතා පැවැසීය.