‘ගිය රජය උසාවියට ඇඟිලි ගැහුවා : අද එහෙම නෑ‘


‘අද අධිකරණය ස්වාධීනව කටයුතු කරන බව ඉතාම පැහැදිළියි. ගිය රජය මෙන් නඩු තීන්දු දීමට රජය ඇඟිලි නොගසන බව හොඳටම පැහැදිලි වෙනවා.‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති කීවේය.

‘ මධ්‍යම පළාත් මහ ඇමැති  සරත් ඒකනායක මහතා තනතුරෙන් ඉවත් කිරීමට පළාත් සභා මන්ත්‍රීන් පිරිසක් ගත් උත්සාහයට එරෙහිව ඔහු අධිකරණයට ගියා. අධිකරණය තීන්දු කළේ ඔහු ඉවත් කිරීමට යෑම වැරදි බවයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. අධිකරණය නියෝගයක් නිකුත් කළේ ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙසයි. මෙයින් පැහැදිළි වන්නේ රජය දැන් අධිකරණයට ඇඟිලි නොගසන බවයි. ස්වාධීනව ක්‍රියා කිරීමේ අයිතිය තහවුරු කර ඇති බවයි. පසුගිය රජය එහෙම කළේ නෑ. නඩු තීන්දුවලට මැදිහත් වුණා. ‘