‘ගිය ආණ්ඩුවේ වැරදි වලට අපිට වන්දි ගෙවන්න වෙලා’


'එච්එන්ඩීඒ ඩිප්ලෝමා සිසුන්ට  රජයේ රැකියා ලබා ගැනීමට තිබු අවස්ථාව නැති කිරිමට  එදා  ආණ්ඩුවේ  කැබිනට් මණෟඩලයේ  අත ඉස්සු  අය තමයි අද ළමයින්ට  පොලිසිය පහර දුන්න බව කියමින් කිඹූල් කඳුළු හෙළන්නේ'

“පසුගිය ආණ්ඩුව කළ වැරදි  වලට  අද අපට  වන්දි  ගෙවන්න වෙලා  තිබෙනවා. අපි එය වහා නිවැරදි  කර  46/90 චක්‍රලේඛය නැවත බලගන්වා  එච්එන්ඩීඒ ඩිප්ලෝමාධාරින්වත්  රජයේ රැකියා  ලබා දෙන්න කටයුතු  කරනවා  යැයි  රාජ්‍ය  පරිපාලන හා කළමණාකරණ ඇමැති  රංජිත් මද්දුම බණ්ඩාර  මහතා පැවසීය.”

එච්එන්ඩීඒ ඩිප්ලෝමාධාරි සිසු සිසුවියන් පිරිසකට  රාජ්‍ය  සංවර්ධන නිලධාරි පත්විම්  ලිපි  ප්‍රධානය කිරිමේ  අවස්ථාවට  එක්වෙමින්  ඇමැති මේ බව පැවසීය . රාජ්‍ය  පරිපාලන අමාත්‍යංශයේදී  අද (05) පැවැති  අවස්ථාවට  උසස්  අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය  ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා  ද අමාත්‍යාංශ ලේකම් ජයසිරි දඹල්ලගේ මහතා එක්වුහ.

RDS_4537 RDS_4526 RDS_4532 RDS_4535

(ජායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)