මුස්ලිම් කතක මෙන් ඇස් දෙක පමණක් පෙනෙන සේ මුළු ඇඟම වසාගෙන මහනුවර මහයියාවේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ පහක් කොල්ලකෑමට ගිය බව කියන හමුදා කපිතාන් උපාලි සමරකෝන් ලබන 11 වැනිදා තෙක් රිමාන් බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
කොත්මලේ හමුදා කඳවුරේ භාෂා පුහුණු මධ්‍යස්ථානයේ සේවය කළ මේ කපිතාන් වෙස්වලාගෙන බැංකු කළමනාකරුගේ කුටියට ගොස් සල්ලි හොරකම් කිරීමට යද්දී ආරක්ෂක නිලධරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.