‘ගාස්තු වැඩි කළොත් කොන්දොස්තරට ගසනු‘


දකුණු පළාතේ කිසිදු බසයක බස් ගාස්තු වැඩි නොකරන බවත්, බස් ගාස්තු වැඩියෙන් ඉල්ලන කොන්දොස්තර වරුන්ට පහර දෙන ලෙසත් දකුණු පළාත් පෞද්ගලික බස් රථ ආයෝජන සමාගම් සම්මේලනයේ සභාපති පී චන්දන සොයිසා මහතා මාතර ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අද පැවසීය.

රජය ඉන්ධන සහනාධාරයක් නොදුනහොත් පාඩු පිට හෝ බස් ධාවනය කරන බවත් ඔහු කියයි.