මොහමඩ් මුහඩීන් සර්නාස් නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රීලාංකික අයි.එස්.අයි සටන්කරුවා සිය කැමැත්තෙන් එම සංවිධානයට බැදී ඇති බව අයි.එස්.අයි සංවිධානය විසින් නිකුත් කරන සගරාවක් ලෙස සැලකෙන 'ඩාබික්' සඟරාව අනාවරණ කරයි.
මොහමඩ් මුහඩීන් සර්නාස් නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රී ලාංකික පුද්ගලයා පවුලේ අය ඇතුළු 16 දෙනෙකු සමග එම සංවිධානයට සම්බන්ධ වී ඇති බවත් ඊට දරුවන් 6දෙනෙකුද ඇතුළත් බවත් එම සගරාවේ මගින් සඳහන් කර තිබේ.
අයි.එස්.අයි .එස් සංවිධානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු මොහමඩ් මුහඩීන් සර්නාස් නිලාම් නැමැති මෙම පුද්ගලයා තුවාල ලැබූවන් පිළිබඳ සොයා බැලීමට යාමේදී තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම ප්‍රහාරයෙන් මොහු මියගොස් ඇති බවට එම සගරාව වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් අයි.එස්.අයි සටන්කරුවකු ලෙස එම සංවිධානය අබු සුරෙහ් සයිලානි යනුවෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයා මහනුවර වැරල්ලගම, කුරුදුගොල්ල, ප්‍රින්ස් ලෑන්ඩ් පදිංචිව සිට ඇති සයදරු පියෙකු වන මොහමඩ් මුහඩීන් සර්නාස් නිලාම් හෙවත් නිලාබ්ඩීන් බවට පොලිසිය විසින් මීට පෙර හඳුනාගෙන තිබිණි

