මොරගහහේන බස් නැවතුම්පොළ විවෘත කිරීමට ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැමිණීමට පැයකට පමණ පෙර එහි ගිය මන්ත්‍රී විදුර වික්‍රමනායක එය විවෘත කර රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ ‘මොරගහහේන මගේ ගම, එක එක්කෙනාට ඇවිත් චණ්ඩි පාට් දාන්න බෑ. මෙහේ වැඩ කරන්නේ අපි. එදත් වැඩ කළේ අපි. අදත් වැඩ කරන්නේ අපි‘ යනුවෙනි.
පසුව බස් නැවතුම විවෘත කළ ඇමැති චම්පික උත්සව සභාව අමතමින් කියා සිටියේ ‘රස්තියාදුකාර විරෝධතා අපි සත පහකට ගණන් ගන්නේ නෑ. එහෙම හිතන් ඉන්නවානම් ලොකු වැරදීමක්. අපි මෙතැනට ආවේ නිකන් නෙමෙයි. රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කරලා ආවේ. බුරන බල්ලන්ට කැට කැබිලිති විසි කරන්න අපට වෙලාවක් නෑ‘ යනුවෙනි.