කොළඹ පිලිප් ගුණවර්ධන පිටියේ ජන සටන අරඹමින් පැවැති රැලියේදී කථා කිරීමට ආ පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල වේදිකාවේ වැටුණේය.
එහෙත් හීයක වේගයෙන් ඔහු නැගිට්ටේය. නැගිට ජනතාවට ආචාර කළේය. එසේ වැටුණේ ඔහු පමණක් නොවේ. මාධ්‍යවේදියකු ද වේදිකාවෙන් බිමටම වැටුණේය.
ගම්මන්පිලගේ වැටීම ගැන ෆේස්බුක් සමාජ ජාලයේ අපූරු සටහනක් ඇත.
‘මම වැටුණේ නෑ. මම අපේ මාතෘ භූමිය සිපගත්තා‘ යැයි එහි සටහන්ව තිබිණි.
මේ අතර මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ අදහාගත නොහැකි ජනකායක් හයිඩ් පිටියට පැමිණි බවත් ඊට සහාය දුන් සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත්ය.



