‘ගම්පහ පළමු ඡන්ද ප්‍රතිපලය රාත්‍රී 12ට පෙර‘


ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකි වෙතියි ගම්පහ තේරීම්භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා කියයි.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන 14ක තැපැල් ඡන්ද ගණින බවත්, මධ්‍යස්ථාන 146කට සෙසු ඡන්ද ගණන් කිරීමේ නියෝග නිකුත් කළ බවත්, මධ්‍යම රාත්‍රිය වන විට එක් කොට්ඨාසයක හෝ ඡන්ද ප්‍රතිඵල නිකු කළ හැකි වනු ඇති බවත් රත්නසිරි මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කය

ඡන්ද දායකයින්  -1590076

පෙර පැවති මැතිවරණයට වඩා මේවර ඡන්ද දායකයින් ප්‍රමාණය - 32391 යි

මැතිවරණ කොට්ඨාශ  - 968

ඡන්ද මධ්‍යස්ථාන - 1014

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ඉල්ලුම්කර තිබු ප්‍රමාණය - 26022

ඡන්ද ගණන් කිරීම ශාලා 146 ක සිදුකෙරේ

තැපැල් ඡන්ද ගමන් කිරීම ශාලා 14 ක සිදුකෙරේ

ඡන්ද ගණන් කරන ස්ථාන

පත්තලගෙදර විද්‍යාලෝක විද්‍යාලය

සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨය

වේයන්ගොඩ බණ්ඩාරනායක මාධ්‍ය මහා විද්‍යාලය

 

මැතිවරණය සදහා සමස්ත කාර්ය මණ්ඩලය - 1500 කට ආසන්නයි.

පොලිස් නිලධාරීන් - 2758 යි.