( නිමල කොඩිතුවක්කු)
ගම්පෙරළිය, එන්ටප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් සහ විමධ්‍යගත ප‍්‍රතිපාදන මගින් මගින් ග‍්‍රාමීය සංවර්ධනය සදහා රජය රුපියල් කෝටි 6450 කට අධික මුදලක් ලබා දී ඇතැයි ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
ගම්පෙරළිය වැඩසටහන යටතේ දිවයින පුරා ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 30840 ක් සඳහා රුපියල් කෝටි 1328 කට වැඩි මුදලක් මේ වනවිට ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙසේද පැවසිය.
‘ග‍්‍රාමීය යටිතල පහසුකම් ඇතුළු කඩිනම් සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කල ගම්පෙරළිය වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක‍්‍රියාත්මක වෙනවා.
මාර්ග සංවර්ධනය, ආගමික ස්ථාන ප‍්‍රතිසංස්කරණය, විදුලිය ලබාදීම, හරිත උද්‍යාන නිර්මාණය කිරීම, වැව් අමුණු ප‍්‍රතිසංස්කරණය, පාසල් ප‍්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මේ යටතේ සිදු කෙරෙනවා.
දිස්ත‍්‍රික් ලේකම්වරුන් මගින් ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත එම මුදල් සෘජුව දීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත‍්‍රික්කය සඳහා ව්‍යාපෘති 2638ක් වෙනුවෙන් රුපියල් මිලියන 1675.5ක්, මහනුවර දිස්ත‍්‍රික්කයේ ව්‍යාපෘති 1802ක් සඳහා රුපියල් මිලියන 988ක්ද, කුරුනෑගල දිස්ත‍්‍රික්කය සදහා ව්‍යාපෘති 1633ක් වෙනුවෙන් රුපියල් මිලියන 978ක්ද,රත්නපුර දිස්ත‍්‍රික්කයේ ව්‍යාපෘති 2985ක් සදහා රුපියල් මිලියන 799ක්, කොළඹ දිස්ත‍්‍රික්කයේ ව්‍යාපෘති 1426ක් වෙනුවෙන් රුපියල් මිලියන 734ක් ලෙස ලබා දී තිබෙනවා.