ගණිත අංශයට හා විද්‍යා අංශයට වැඩිපුර අවස්ථාව ලබාදීම සඳහා රජය නව ක්‍රමවේදයන් හඳුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
රජය අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීමට තීරණය කර ඇතැයිද අධ්‍යාපන ඇමැතිවරයා කීය.
පසුගියදා තායිලන්තයේ පැවැති ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ජයග්‍රහණ ලබාගත් ලක් සිසුන් විසිදෙදෙනකුට සම්මාන ප්‍රදානය කරමින් කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘අපේ ගම‘ පරිශ්‍රයේදී පැවැත්වූ අවස්ථාවේදී කාරියවසම් මහතා මේ බව කීවේය.





