‘කෝප් සභාපති විශ්වාසයි : වාර්තාව මැතිසබේට‘


කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම ඉදිරියේදී සිදුවන බවත්, කෝප් කමිටුවේ සභාපතිවරයා පිළිබඳ විශ්වාසය තබා ඇති බවත් රනිල් වික්‍රමසිංහ අගමැති අද පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පැවසීය.

බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමේ සැලැස්මක් පවතින බව පෙනෙන්නට ඇති බව වීරවංශ මන්ත්‍රිවරයා කීය.
බැදුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටු වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වන විටත් එහි සකස් කර අවසන් කොටස් පරිවර්තන හා මුද්‍රණ කටයුතු සඳහා යොමු කර තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.