‘කෝප් කමිටුව බයිස්කෝප් නොවීමට නම්‘


තමන්ට රිසි නොවූ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය, එම පක්ෂයේ උපරිම ශක්තිය යොදවා කටයුතු කළ වෙනත් අවස්ථාවක් සොයාගැනීමට නැත.

පළමුවැන්න සනිටුහන් වූයේ පසුගිය වසරේ ජූනි මාසයේය.පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ඞී.ව්.ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු වූ එවක කෝප් කමිටුව ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වා වාර්තාවක් පිළියෙල කර තිබිණි. නමුත් එය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබින.ජනපති මෛතී‍්‍රපාල සිරිසේන 2015 ජූනි මස 26 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම එයට හේතුව විය.පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමත් සමග, ඒ වනතෙක් පත්කර තිබූ සියලූ පාර්ලිමෙන්තු කමිටු හා සමග කෝප් කමිටුවේද අවසානය සනිටුහන් වූ අතර එයත් සමග බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එම කමිටුව පිළියෙල කළ වාර්තාවද පදනම් විරහිත තත්ත්වයකට පත්විය.එසේවුවද මහ බැංකු බැදුම්කර ගනුදෙනුවේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක්ම එම වාර්තාවෙන් අනාවරණය කර තිබිණි.

නිල යැයි පිළිගත හැකි තත්ත්වයක් නොතිබුනද පිටු 19 කින් යුතුවූ 2015 කෝප් කමිටු වාර්තාවට මාධ්‍ය ඔස්සේ සැළකිය යුතු ප‍්‍රචාරයක් හිමිවිය.කෝප් වාර්තාවේ ඇතැම් කරුණු ප‍්‍රකාශයට පත්කළේ යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වරක් සන්ඬේ ටයිම්ස් අප පුවත්පතට එරෙහිව චෝදනා ගොනු කළ අතර, එම අවස්ථාවේදී ඔහු පාර්ලිමෙන්තු බලතල උල්ලංඝණය කරමින් කටයුතු කරන්නේ යැයි කතානායකවරයාට පැමිණිලි කිරීමට පවා අපට සිදුවිය.එවක මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සහ ඔහුගේ බෑණනුවන් වූ පි‍්‍රපෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධිපති අර්ජුන් ජෝසප් ඇලෝසියස්ට එරෙහිව කෝප් වාර්තාවෙන් චෝදනා නගා තිබින.මහ බැංකු බැදුම්කර ගනුදෙනුවට මාස දෙකකට පෙර පි‍්‍රපෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ඉවත්වූ අර්ජුන් ජෝසප්, එහි සම හිමිකරුවකු ලෙස කටයුතු කරමින් සිටියේය.කෝප් වාර්තාවට අනුව අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් අතර සිදුව තිබුනේ ‘ දැනහැඳුනුම්කම ‘ පදනම් කරගත් ගනුදෙනුවකි.මේ සියල්ල හමුවේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට ජනපති සිරිසේන අකැමැතිවූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහුට පසුගිය වසරේ ජූනි මසදී මහ බැංකු අධිපතිධූරයෙන් ඉවත්වීමට සිදුවිය.අනතුරුව ඇතිවූයේ නව මහ බැංකු අධිපතිවරයකු පත්කිරීම අරබයා ජනපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ අතර මත ගැටුමකි.අර්ජුන් මහේන්ද්‍රන් නැවත පත්කළ යුතුයැයි අගමැතිවරයා කියා සිටි අතර, ඊට දැඩිව විරෝධයක දැක්වූ ජනපතිවරයාගේ අවශ්‍යතාවය වූයේ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා නව ම හබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීමටය.ජනපති සිරිසේනගේ දැඩි ස්ථාවරය හමුවේ අගමැති කාර්යාලය ඔහු වෙත එක්තරා පුද්ගලයකුගේ නමක් යවමින්, එම පුද්ගලයා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම සුදුසු බව යෝජනා කළේය.නමුත් එයටද ජනපතිවරයාගේ අනුමැතිය නොලැබුනු අතර, එම නම නැවත අගමැති කාර්යාලය වෙත යැවූ ජනපතිවරයා කියා සිටියේ තවත් නම් කිහිපයක් තමා වෙත එවන ලෙසය.වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟතාවයකට පැමිණියේ මෙවැනි පසුබිමකය.හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් අගමැති ලේකම් කාර්යාලය වෙත හදුන්වාදීම සිදුවූ අතර මේ ඔස්සේ ඔහුට අගමැතිවරයාගේ විදෙස් සංචාරයන්ට සහභාගීවීමටත්, ශී‍්‍ර ලංකාවේ දුූතයකු ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටීමටත් අවස්ථාව හිමිවිය.

 

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව අරබයා රජයට එරෙහිව වඩවඩාත් විවේචනයන් නැගෙන්නට ගත් අවස්ථාවේ අගමැති වික‍්‍රමසිංහ මාධ්‍ය හමුවක් කැදවූයේය.දිනය 2015 ජූලි මස 7 වැනිදා විය.එහිදී ඔහු කියා සිටියේ ඞී.ව්.ගුණසේකරගේ වාර්තාව නීතිවිරෝධී බවත් එය පාර්ලිමෙන්තු වරප‍්‍රසාද පණත උල්ලංඝණය කර ඇති බවත්ය.එතැනින් නොනැවතුනු ඔහු ඞී.ව්.ගුණසේකරටද චෝදනා කළේය.

 

‘‘බරපතල වැරැුද්දක් කරලා තියෙන්නේ.නිකම්ම ලියැවිල්ලක් වාර්තාවක් හැටියට බෙදා හැරලා.‘‘

 

2015 අගෝස්තු මස පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පසු පත්වූ ශී‍්‍ර ලංකාවේ අටවැනි පාර්ලිමෙන්තුවේ කෝප් කමිටු සභාපතිවරයා ලෙස තෝරාගැනුනේ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාවය.බැදුම්කර ගනුදෙනුව පිළිබදව විමර්ෂණයක් පැවැත්වීමේ කාර්යභාරය ඔහු හා නව කෝප් කමිටු සාමාජිකයන් මතද පැටවින.මාස 14 ක දීර්ඝ කාලයක් පුරාවට ඔවුහු වාද විවාද කරමින්, මහ බැංකු නිලධරයන්, විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා හා තවත් පාර්ශවයන් ලබාදුන් සාක්කි විමසා බලමින් වෙහෙස වූවෝය.

 

වාර්තාව එහි අවසානය කරා ළගා වෙමින් තිබින.මෙම සමයේ කෝප් කමිටු රැුස්වීම් වල පැවතියේ නොසන්සුන්කාරී වාතාවරණයකි.කමිටු රැුස්වීම් වල සාකච්ඡුා වන ඇතැම් කරුණු මාධ්‍ය ඔස්සේ අනාවරණය වන්නට ගෙන තිබීම ඊට හේතුව විය.වරක් මහ බැංකුවේ අභ්‍යන්තර වාර්තාවක් මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කැරුනු අතර එයින් පි‍්‍රපෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැදුම්කර ගනුදෙනුවෙන් රුපියල් බිලියන 5 ක පශ්චාත් බදු ලාභයක් උපයාගෙන ඇතැයි අනාවරණය කර තිබින.මෙම වාර්තාව මාධ්‍ය අතට ගියේ කෙසේදැයි සොයා මහ බැංකුව විමර්ෂණයක් ආරම්භ කළද, හානිය ඒ වන විට සිදුව හමාරය.ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයෝ හෙළිකරන්නැයි ජනතාව අතරින් නැවත වරක් හඩ නැගෙන්නට විය.

 

කෝප් කමිටු වාර්තාවෙන් පක්ෂය නින්දාවට පත්වීමට යන බව තේරුම් ගත් කෝප් කමිටුවේ ඇතැම් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ තමන් බලවත් බව අන්‍යයන්ට හැගෙන ලෙසින් හැසිරීමට ගත්තෝය.කමිටු සභාපති හඳුන්නෙත්ති වාර්තාවේ අවසන් කෙටුම්පතෙහි ඡේදයක් පාසා යමින්, ඔවුන්ට අවශ්‍ය කොටස් ඉවත් කිරීමට කටයුතු කරනු ඇතැයි මෙම පිරිස අපේක්ෂාවෙන් සිටියෝය.කෝප් කමිටු වාර්තාව සකස් කිරීමේදී ඉතා මිත‍්‍රශීලීව හා සහයෝගීව කටයුතු කළ විගණකාධිපතිවරයාට චෝදනා කළ ඔවුහු, ඔහුගේ ප‍්‍රකාශය පිළිගත නොහැකි බව කීවෝය.වාර්තාව සකස් කිරීමට තම දායකත්වය ලබාදුන් නීතිපතිවරයාටද මෙම පිරිසගේ බැණුම් වලට සහ පාර්ලිමෙන්තුවේ සාමාජිකයන් ලෙස හිමිව ඇති වරප‍්‍රසාදයන් උල්ලංඝණය කරමින් ඔවුන් කළ බලපෑම් වලටද, මුහුණදීමට සිදුවූ බව කියැවේ.එවැන්නක් සිදුනොවූ බවත් තමන් හා නීතිපතිවරයා අතර ඇතිවූයේ ‘‘විවාදයක‘‘් බවත් මෙම පිරිස පවසන්නෝය.නමුත් නීතිපතිවරයා හිටපු මහ බැංකු අධිපතිවරයා වරදකරුවා ලෙස නම්කර ඇත්තේ මනාව සහ ක‍්‍රමවත්ව සිදුකර ඇති විමර්ෂණයක් අවසානයේ බව පැහැදිලිය.

 

කෙසේවුවද එවක බහුතරය ලෙස පිළිගැනුනු ආකාරයට, කෝප් කමිටු සාමාජිකයින් 14 දෙනාගෙන් අට දෙනකුම වාර්තාවේ අවසන් කෙටුම්පත පිළිගනිමින් තම අත්සන් ලබාදී තිබින.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ සාමාජිකයෝ, විශේෂයෙන් අජිත් පෙරේරා, හර්ෂ ද සිල්වා සහ සූජිව සේනසිංහ යන නියෝජ්‍ය අමාත්‍යවරු වාර්තාවට එරෙහි වූහ.තම තමන් වෙන වෙනම වාර්තා ඉදිරිපත් කරන බව ඔවුහු කීවෝය.ගෙවුනු සතියේ සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් කෝප් කමිටු සභාපති හඳුන්නෙත්ති පැවසුවේ කමිටුවේ සාමාජිකයින් 26 දෙනාටම තම තමන්ගේ වාර්තා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට පවා තමා සූදානමින් සිටි බවය.එක් අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂ කමිටු සාමාජිකයින්ගේ පීඩනය දරාගත නුහුනු තැන ඔවුන්ගේ විරෝධතා මැද තමන් රැුස්වීමෙන් නික්ම ගිය බවද හඳුන්නෙත්ති පැවසුවේය.එම සතියේම වාර්තාව සභාගත කිරීම ඔහුගේ වුවමනාව විය.නමුත් ඒ දක්වාම වාර්තාවේ ඉංගී‍්‍රසි සහ දෙමළ පරිවර්තනයන් සකස් කර නොතිබින.

 

කොප් කමිටු විවාද මැද තවත් විශේෂ අනාවරණයක් සිදුවිය.එනම් කෝප් කමිටුවේ සහ මහජන සේවා කමිටුවේ (පැක්* සාමාජිකයින්ට පාර්ලිමෙන්තු ස්ථාවර නියෝග අනුව, තම තමන්ගේ පෞද්ගලික මතය පදනම් වන වාර්තා ඉදිරිපත් කිරීමේ අවසරයක් නොමැති බවය.වැඩබලන සභාපතිවරයෙක් පත්කිරීමටද ඔවුනට අවසරයක් නොමැත.නමුත් හඳුනෙත්ති රැුස්වීමෙන් පිටත්ව ගිය වහාම එක්සත් ජාතික පක්ෂ සාමාජික පිරිස කර ඇත්තේ ඔවුන්ගේම සාමාජිකයකු වන අබ්දුල්ලා මහරුෆ් වැඩබලන කෝප් කමිටු සභාපති ලෙස පත් කර ගැනීමය.බයිස්කෝප් චිත‍්‍රපටයක් වැනි යැයි මෙම සිදුවීම හඳුන්වාදුන් ජනතා විමුක්ති පෙරමුණ එතැනින් නොනැවතී කෝප් කමිටුව හෑල්ලූවට ලක් කරන්නේයැයි එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළේය.එසේවුවත් පාර්ලිමෙන්තුවේ දී අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා කියා සිටියේ තමා හඳුන්නෙත්ති පසුපසින් දිවගොස් නැවත රැුස්වීමට පැමිණෙන ලෙස ආයාචනා කළ බවය.

 

සාමාජිකයන්ට වාර්තා ඉදිරිපත් කිරීමට අවසරයක් නොමැති බවත්, වැඩබලන සභාපතිවරයකු හෝ පත්කිරීමට බලයක් නොමැති බවත් අනාවරණය වීමත් සමග, ජනතා විරෝධය (සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ගේ පවා* නැගෙන්නට ගැනීමත් සමග, කොප් කමිටුවේ කටයුතු වුවමනාවෙන්ම ප‍්‍රමාද කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින්නේයැයි මාධ්‍ය ඔස්සේ අන්තර්ජාතික තලය දක්වාම පුවත් ප‍්‍රචාරණය වන්නට ගැනීමත් සමග, කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ පෙරට තැබූ පය පසුපසට ගැනීමේ න්‍යායක් අනුගමනය කළෝය.

 

කෝප් කමිටු සභාපතිවරයාට එරෙහිව නොමනා අදහස් දැක්වීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව හර්ෂ ද සිල්වා පැවසුවේය.අජිත් පෙරේරා එතැනිඳු ඔබ්බට යමින් කෝප් කමිටුවෙන් හිටපු මහබැංකු අධිපතිවරයා වරදකරුවා ලෙස හදුනාගෙන ඇති බව කීවේය.නමුත් ඔහු රජය ආරක්ෂා කරමින් අදහස් දැක්වීමට ප‍්‍රවේසම් විය.එක්සත් ජාතික පක්ෂ කෝප් කමිටු සාමාජිකයින්ගේ මෙම හදිසි වෙනසට හේතුව කුමක් විය හැකිද?

 

වෙනසක් සිදුවන බවට පළමු ඉඟිය මතුවූයේ පසුගිය අගරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදීය.එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතා මහ බැංකු බැදුම්කර ගැටලූව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි අගමැති වික‍්‍රමසිංහගෙන් විමසා සිටියේය.එයට පිළිතුරු ලෙස අගමැතිවරයා විශේෂ ප‍්‍රකාශයක් කළේය.බැදුම්කර ගැටලූව ගැන අනාවරණය වූ පළමු අවස්ථාවේදීම තමා එවක අගමැති කාර්යාලයේ නියෝජ්‍ය ප‍්‍රධානියකු ලෙස කටයුතු කළ, වත්මන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වාට ඒ සම්බන්ධයෙන් සොයාබලන ලෙසට උපදෙස් දුන් බව අගමැතිවරයා පැවසුවේය.ඒ අනුව ලිඛිතව මහ බැංකුව අමතා ඇති හර්ෂ ද සිල්වා, බැදුම්කර ගැටලූවට අදාළ සංඛ්‍යාලේඛන ඉල්ලා තිබේ.නමුත් මහ බැංකුව ඔහුට ලබාදී ඇත්තේ 2008 වසර අවසානය දක්වා බැදුම්කර ගනුදෙනු වල තොරතුරු පමණකි.මෙම තොරතුරු පදනමේ සිට, 2008 වසරින් පසුව මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය පෞද්ගලික මිලදී ගැනීම් සදහා අවසර ලබාදී නැතැයි තමා විශ්වාස කළ බව අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.

 

මහ බැංකුව 2008 වසර අවසානය දක්වා පමණක් බැදුම්කර ගනුදෙනු වල තොරතුරු ලබාදීම හමුවේ, එයින් පසුව (මහේන්ද්‍රන්ගේ ගනුදෙනුවද ඇතුළත්* සිදුව ඇති ගනුදෙනු වල නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයක් මතුවන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.එම ගනුදෙනු වල වාර්තා මහ බැංකුව ලබාදී නොමැති වීම නිසා එම ගනුදෙනු නීතිවිරෝධීව සිදුව ඇතැයි චෝදනා මතුවීමේ අවදානමක් ඇති බව ඔහු පැවසුවේය.මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 2008 වසරින් පසු සිදුව ඇති මහ බැංකු ගනුදෙනු වල සමස්ථ වටිනාකම රුපියල් ටි‍්‍රලියන හතරක සීමාවේ පවතින බව කීවේය.මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස නීතිපතිවරයාට දැනුම්දුන් බව කියා සිටි අගමැතිවරයා, තම වුවමනාව වන්නේ මෙම ගනුදෙනු නීත්‍යානුකූල පදනමක් යටතේ සිදුව ඇති බව තහවුරු කිරීම යැයි පැවසුවේය.අනතුරුව තමා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් සිදුකරන බවද ඔහු කීවේය.

 

‘‘ අපි බලන් ඉන්නේ මේ කරන්න යන දෙයින් මහේන්ද්‍රන්ව නිදහස් කරන්න යනවාද කියා.අපිට දැනෙන හැටියට නම්, ප‍්‍රශ්නය ඉවර නැහැ.නීතිපතිවරයා එයාගේ මතය ඉදිරිපත් කළා කියලා ප‍්‍රශ්නය ඉවර වෙන්නෙත් නැහැ.‘‘ නම සඳහන් කිරීමට අකමැති වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙක් සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.

 

මෙම හිඩැස, බැදුම්කර ගැටලූව පැනනැගුනු පසුගිය වසරේ කිසිවෙකුට නොපෙනුනේ ඇයිදැයි යන්න ගැටලූවකි.මහින්ද රාජපක්ෂ රජය සමයේ මහ බැංකු අධිපතිධූරය හෙබවූ අජිත් නෙවාඞ් කබ්රාල් මහතා, මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ලිඛිත අවසරය යටතේ 2008 වසරින් පසුව පවා බැදුම්කර ගනුදෙනු වල නිතරව ඇති බවත්, එම ලිඛිත අවසරයේ පිටපතක් තමන් සතුව තිබෙන බවත් තවත් අමාත්‍යවරයෙක් පැවසුවේය.

 

මෙම පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂය නීතියෙන් උපදෙස් පැතුවේය.ඒ අනුව එකිනෙකාගේ අදහස් ඇතුළත් පාද සටහන් සහිත කොප් කමිටු වාර්තාවට අනුමැතිය පල කිරීමට කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ එකඟවූහ.මේ හමුවේ අනාගතයේ අවශ්‍ය වූ විටෙක, හෝ විමර්ෂණයක් පැවැත්වෙන අවස්ථාවක, තම තමන්ගේ මතය කුමක්වීදැයි විමසා බැලීමේ අවස්ථාව ඔවුනට හිමිවේ.අනතුරුව පැවැත්වුනු සාකච්ඡුාවේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ ඉල්ලීමට සවන්දී ඔවුන්ගේ පාද සටහන් කෝප් කමිටු වාර්තාවට ඇතුළත් කිරීමට හඳුන්නෙත්ති එකඟ විය.අනතුරුව නීතිමය කරුණු සලකා තවදුරටත් කෝප් කමිටු වාර්තාව සකස් කිරීම සිදුවූ අතර, සිකුරාදා විශේෂ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් හඳුන්නෙත්ති පවසා සිටියේ කෝප් කමිටු වාර්තාවේ නිර්දේශ වලට, කමිටුවේ සියලූම සාමාජිකයින්ගේ අනුමැතිය හිමිව ඇති බවය.සියලූම සාමාජිකයෝ කීවද, ආරම්භයේ සිටම දුූෂණයට එරෙහි පුද්ගලයකු ලෙස පෙනී සිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ අනුමැතිය කමිටු වාර්තාවට හිමිව නොතිබින.තමා ජපානයේ සිට පැමිණි බවත්, වාර්තාව අධ්‍යනය කිරීමට තරම් කාලයක් නොතිබුනු බවත් නිදහසට කරුණු ලෙස ඔහු කීවේය.වාර්තාවට කිසිඳු වෙනස්කමක් සිදුනොකළ බව හඳුන්නෙත්ති පැවසුවේය.ඇතැම් සාමාජිකයන් පාද සටහන් නොමැතිව වාර්තාව අනුමත කළ බවත්, තවත් සාමාජිකයන් පාද සටහන් සහිත වාර්තාව අනුමත කළ බවත් ඔහු කීවේය.

‘‘ අපි විමර්ශන පැවැත්වූයේ පාර්ලිමේන්තු බලතල වලට යටත්ව.මේක පිටු 55 ක වාර්තාවක්.වාර්තාවට අදාළ වෙන තවත් ලියකියවිලි එක්ක සැළකුවොත් පිටු ගණන 1900 - 2000 ක් පමණ වනවා.‘‘ මාධ්‍ය සාකච්ඡුාවේදී හඳුන්නෙත්ති පැවසුවේය.වාර්තාවෙන් 2015 පෙබරවාරි මස සිට 2016 මැයි මස දක්වා කාලයේ භාණ්ඩාගාර බැදුම්කර මුල් කොටගෙන අයථා ගනුදෙනු සිදුව ඇතැයි නැගුනු චෝදනා විමර්ෂණය කර තිබෙන බව ඔහු පැවසුවේය. කමිටු සාමාජිකයින් 16 දෙනෙක් පාද සටහන් රහිතව වාර්තාවට අනුමැතිය ලබාදුන් බවත්, නව දෙනෙක් පාද සටහන් සහිත වාර්තාවට අනුමැතිය ලබාදුන් බවත් හඳුන්නෙත්ති පැවසුවේය.

 

සුනිල් හඳුන්නෙත්ති, රවුෆ් හකීම්, අනුර පි‍්‍රයදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලසන්ත අලගියවන්න, අනුර දිසානායක, චන්ද්‍රසිරි ගජධීර, මහින්දානන්ද අලූත්ගමගේ, බිමල් රත්නායක, වීරකුමාර දිසානායක, එස්.ශී‍්‍රදරන්, ඥානමුත්තු සිරිනේෂන්, එම්.ඒ.සුමන්තිරන්, නලින්ද ජයතිස්ස, මාවයි.එස්.සේනාතිරාජා යන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණු, දෙමළ ජාතික සන්ධාන සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රස සාමාජිකයෝ පාද සටහන් රහිත වාර්තාවට අනුමැතිය ලබාදී ඇත.

 

රවින්ද්‍ර සමරවීර, වසන්ත අලූවිහාරේ, හර්ෂ ද සිල්වා, අජිත්.පී.පෙරේරා, අශෝක් අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා සහ අබ්දුල්ලා මහරුෆ් යන සාමාජිකයෝ පාද සටහන් සහිත වාර්තාවට අනුමැතිය ලබාදී ඇත.මෙම සියලූමදෙනා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් වීම විශේෂය.

 

ඞී.ව්.ගුණසේකරගේ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් නොකෙරුණු නමුත් මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධ වුනු කෝප් කමිටු වාර්තාවෙන් එවක මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණනුවන් වන අර්ජුන් ජෝසප් ඇලෝසියස්, දෙදෙන අතර ඇති සබඳතාවය මත පදනම් වූ ගනුදෙනුවක නිරතව ඇතැයි නිගමනය කර තිබින.

 

එයින් මාස 17 කට පසු දැන් ඉදිරිපත්ව තිබෙන හඳුන්නෙත්ති වාර්තාවෙහි ඇත්තේ පෙර අවස්ථාවට වඩා බරපතල නිගමනයකි.ඉදිරිපත්ව ඇති සාක්කි සැළකිල්ලට ගැනීමේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුවූ මහ බැංකු බැදුම්කර ගනුදෙනුව ඔහුගේ බලපෑම යටතේ සිදුකර ඇතැයි හෝ එම ගනුදෙනුවට අනවශ්‍ය අතපෙවීමක් සිදුකර ඇතැයි හෝ පැහැදිලි සැකයක් මතුවන බව හඳුන්නෙත්ති වාර්තාවේ නිගමනයයි.

 

මහ බැංකුවේ විශ්වසනීයත්වය පළුදු වන ආකාරයෙන් එම ගනුදෙනු සිදුව තිබෙන බවත්, බැදුම්කර විකිණීමෙන් පි‍්‍රපෙචුවල් ටෙ‍්‍රෂරීස් නම් ප‍්‍රාථමික වෙළෙන්දා ඉතා අධික ලාභයක් උපයාගෙන ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

 

මෙම ගනුදෙනුව හා සම්බන්ධ මහ බැංකු නිලධරයින්ට සහ ආයතනයන්ට එරෙහිව නීතිමය පියවර ගතයුතු යැයි වාර්තාවෙන් අවධාරණය කර තිබෙන අතර අනාගතයේ මෙවැන්නක් සිදුවීම වැළැක්වීම උදෙසා ගනුදෙනු විමර්ෂණය කිරීමේ අරමුණින් කි‍්‍රයාත්මක වන පශ්චාත් විමර්ෂණ පද්දතියක් හඳුන්වාදිය යුතු බවද, මහ බැංකුව සහ පාර්ලිමෙන්තුව මෙම පද්දතියේ කටයුතු සදහා සෘජුව සම්බන්ධ විය යුතු බවද, කෝප් කමිටු වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.අලාභය පියවා ගැනීමට පාර්ලිමෙන්තුව වහාම පියවර ගතයුතුව ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන්ය.

 

මහ බැංකුවේ විශ්වසනීයත්වයට හා වගවීමට හානිගෙන දිය හැකි මෙවැනි සිදුවීම් වැළැක්වීමට අනුගමනය කළ යුතු පියවර හඳුන්වාදීම නීතිමය බලතල ඇති පිළිගත් ආයතනයට පැවරිය යුතු බවද, බැදුම්කර වලින් ආදායම් උපුදවා ගැනීමට රාජ්‍ය ආයතනයන්ට වැඩි ඉඩක් ලබාදිය යුතු බවද, කෝප් කමිටු වාර්තාවෙන් තවදුරටත් නිර්දේශ කර ඇත.

 

‘‘ මෙම බැදුම්කර ගනුදෙනුවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සෘජුවම වගකිව යුතුය.ඔහුට හා මෙම ගනුදෙනුවට සම්බන්ධ මහ බැංකු නිලධරයින්ට එරෙහිව නීතිමය පියවර ගතයුතු බව කමිටුවේ නිර්දේශයයි.මහ බැංකුවේ විශ්වසනීයත්වය හා විනිවිදභාවය ආරක්ෂා කරනු වස් විනිමය පාලන පණත සහ වෙනත් නීති අදාළ පරිදි සංශෝධනය විය යුතු ඇති බවටද කමිටුව නිර්දේශ කරයි.‘‘

 

පහත දැක්වෙන්නේ කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති වෙත ලැබුනු, කෝප් කමිටු වාර්තාව සමග ප‍්‍රසිද්ධ කළ පාදසටහන් කිහිපයක අන්තර්ගතව තිබූ තොරතුරු වල සංක්ෂිප්තයකි.

 

x              9.48 ක පොළී ප‍්‍රතිශතය තීරණය කළේ මහ බැංකුවය.වෙළදපල පොළී ප‍්‍රතිශයතයන් සැළකිල්ලට ගනිමින් ස්වාධීනව පොළී ප‍්‍රතිශයතයක් තීරණය කිරීමක් සිදුවූයේ නැත.

 

x              බැදුම්කර ගනුදෙනුව සිදුවූ 2015 පෙබරවාරි 27 දින මෙහෙයුම් කමිටුවේ තීරණයකට අනුව, බැදුම්කර මිලදී ගැනීමට කැමැති කිසියම් බැංකුවක් ගනුදෙනුවට දින තුනකට පෙර මහබැංකුවේ මුදල් තැන්පත් කිරීම සිදුකරන්නේ නම්, එම මුදල මත පැනවෙන පොළී ප‍්‍රතිශතය සියයට 6.5 ක මට්ටමේ සිට සියයට 5 දක්වා පහත හෙළෙන පරිදි ලබාදී තිබූ සහනය ඉවත් කැරින.එනම් සියයට 6.5 ක මට්ටමේම පොළී ප‍්‍රතිශතය පවත්වා ගැනින.

 

x              එක්තරා ගැනුම්කරුවකුට පස්වරු 11.00 ඉක්මවා කාලය ලබාදී තිබින.එම ගැනුම්කරුවා වූයේ එච්එස්බීසී බැංකුවය.මුදල රුපියල් ලක්ෂ 1000 කි.

 

x              සාක්කි වලට අනුව මහ බැංකුව බැදුම්කර ගනුදෙනුවට පෙර දින ප‍්‍රාථමික වෙළදුන් අමතා බැදුම්කර මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඔවුන්ගේ මිල ගණන් විමසා ඇත.එම අගයන්ගේ එකතුව රුපියල් බිලියන 10 ක් පමණව ඇත.පි‍්‍රපෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන්ද මේ ආකාරයට විමසීම් කර ඇත.පි‍්‍රපෙචුවල් ටෙ‍්‍රෂරීස් වෙන්දේසියට ඉදිරිපත් වූයේ රුපියල් බිලියන තුනක මුදලක්, සියයට 12.5 ක පොළී ප‍්‍රතිශතයක් යටතේ, රුපියල් බිලියන පහක මුදලක් සියයට 12.75 ක පොළී ප‍්‍රතිශතයක් යටතේ සහ තවත් රුපියල් බිලියන පහක මුදලක් සියයට 13 ක පොළී ප‍්‍රතිශයතක් යටතේ ලබාදෙමිනි.වෙන්දේසියට ඉදිරිපත් වීමේදී අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ග දන්වා මහ බැංකුව ප‍්‍රාථමික වෙළදුන් වෙත විද්‍යුත් ලිපියක් යවා ඇත්තේ 2015 පෙබරවාරි 27 වැනිදා පෙරවරු 10.48 ටය.ඒ අනුව ලංකා බැංකුව, මහ බැංකුව වෙත එහි ලංසු ඉදිරිපත් කර ඇත්තේ පිළිවෙලින් 10.57.22 ට, 10.57.41 ට හා 10.57.41 ටය.වාර්තා වලට අනුව එච්එස්බීසී බැංකුවේ ලංසුව ඉදිරිපත්ව ඇත්තේ පෙරවරු 11.06 ටය.

 

x              රුපියල් බිලියන එකක සිට රුපියල් බිලියන දහයක් දක්වා සම්පූර්ණ එකතුව වැඩිකිරීමට ගත් තීරණය, ටෙන්ඩර් කමිටුවේ සභාපති පී.සමරසිරි මහතාට අනුව වෘත්තිමය මට්ටමින් ගැනුනකි.

 

x              රාජ්‍ය ණය පිළිබද දෙපාර්තමෙන්තුවේ සාමාන්‍යාධිකාරීවරයාට අනුව හිටපු මහබැංකු අධිපතිවරයා  ඕක කරන්න යැයි නොව ඇයි ඔබ දහයක් දක්වා යන්නේ නැත්තේ යැයි විමසා ඇත.විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පවා මේ බව සඳහන්ය.මෙම ප‍්‍රකාශය නැවත විමසුමට ලක් කිරීමට හැකි තරමේ වෙනත් සාක්කියක් නොමැත.

 

x              හිටපු මහ බැංකු අධිපතිවරයා හෝ, නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආනන්ද සිල්වා යන මහත්වරුන් මෙම වෙන්දේසියට අතපෙවීම් සිදුකර ඇතැයි හෝ බලපෑම් එල්ල කර ඇතැයි හෝ සනාථ කෙරෙන කිසිදු සාක්කියක් නොමැත.

 

මෙම පාද සටහන් වලින් පැහැදිලි වන්නේ බැදුම්කර ගනුදෙනුවට අර්ජුන් මහේන්ද්‍රන්ගේ සම්බන්ධයක් නොමැති බවකි.

එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ ඒකාබද්ධ රජයේ විශ්වසනීයත්වයට මහබැංකු බැදුම්කර සිදුවීමෙන් එල්ලවූයේ මරු පහරකි.ඒ සමගම දෙපාර්ශවය අතර නොසන්සුන්තාවයද ක‍්‍රමයෙන් වර්ධනය වන බවක් දැකගන්නට ඇත. හර්ෂ ද සිල්වා වෙත ලැබී තිබෙන වාර්තාව ආධාරයෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිර්දෝශී බව ඔප්පු කළ හැකි වේයැයි එක්සත් ජාතික පක්ෂය විශ්වාසයෙන් සිටී.නමුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් බලවත් අමාත්‍යවරුන් ප‍්‍රසිද්ධියේම අදහස් දක්වමින් සිටිනුයේ හිටපු මහබැංකු අධිපතිවරයාට සහ ගනුදෙනුවට හවුල්ව ඇති වෙනත් නිලධරයින්ට එරෙහිව පියවර ගතයුතු යැයි කියමිනි.අඩුම තරමේ මෙම අවස්ථාවේ හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මෛතී‍්‍ර පාර්ශවය සහ මහින්ද පාර්ශවය සිටින්නේ එකම වේදිකාවකය.

‘‘ නොවැම්බර් 10 වැනිදා අයවැය විවාදයට ඉස්සෙල්ලා කෝප් වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පවත්වන්න කියා අපි ඉල්ලනවා.ඒ වගේම මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වන්න ජනපති කොමිසමක් පත්කරන ලෙස ජනපති සිරිසේනගෙන් ලිඛිත ඉල්ලීමක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.‘‘ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.

මහේන්ද්‍රන් ආරක්ෂා කරගනිමින් ඔහුගේ බෑණනුවන් බිල්ලට දීමට එක්සත් ජාතික පක්ෂයට අවස්ථාවක් නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ කීවේය.නමුත් කෝප් කමිටුවට පෞද්ගලික ආයතන මත බලයක් නොමැති නිසා, එක්සත් ජාතික පක්ෂය මහේන්ද්‍රන්ව බේරා හැර ඔහුගේ බෑණනුවන් නීතිය ඉදිරියට ගෙන ගියද, එම කටයුතු සම්බන්ධයෙන් නීතිමය ගැටලූ ඇතිවිය හැකි බව තවත් පාර්ශවයන් පවසන්නේය.

කෝප් වාර්තාව ඉදිරිපත් විය යුතුව තිබෙන්නේ පාර්ලිමෙන්තුවටය.එහි අනාවරණයන් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන අනතුරුව යෝජනාවලියක් සකස්වනු ඇත.වසරක් ගතව ඇතත් තවමත් අවසන්ව නොමැති මෙම ආන්දෝලනයේ ඊළග පිටුව පෙරළෙන තෙක් ජනතාව බලා සිටින්නෝය.

ටෙන්ඩර් කැදවීමක් නොමැතිව මහා පරිමාන නිවාස ව්‍යාපෘතියක් දේශීය සමාගමකට

රුපියල් බිලියන 1.2 ක පිරිවැයක් යටතේ නිල සෙවන නිවාස ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමේ කටයුතු දේශීය සමාගමක් වෙත භාරදීමට පියවර ගෙන ඇත.මේ සදහා ටෙන්ඩර් කැදවීමක් සිදුව නොමැති අතර, අදාළ සමාගම වෙත සංවර්ධන කටයුතු භාරදී තිබෙන්නේ පසුගිය සමයේ එම සමාගමේ කි‍්‍රයාකාරීත්වය පමණක් සැළකිල්ලට ගෙනය.

සමාගම වෙත මෙම කටයුතු භාරදී තිබෙන්නේ සංවර්ධන මූලෝපායන් සහ අන්තර්ජාතික වෙළද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාගේ සහ මහජන පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ඒකාබද්ධ නිර්දේශය යටතේය.

වෝල්කර්ස් සීඑම්එල් නම් වන මෙම සමාගමට ව්‍යාපෘතිය භාරදීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙපළගේ අදහස් මෙවැනිය.

‘‘2003 වසරේ ශී‍්‍ර ලංකා ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලය හරහා කි‍්‍රයාත්මක කැරුනු නිල සෙවන නිවාස ව්‍යාපෘතිය, වර්තමාන මහජන පරිපාලන සහ කලමණාකරන අමාත්‍යංශය එදවස හැදින්වුනු, මහජන පරිපාලන සහ කලමණාකරන සංශෝධන අමාත්‍යංශය සහ අද වෝල්කර්ස් සීඑම්එල් සමාගම එදවස හැදින්වුනු වින්කොන් ඩිවෙලොප්මන්ට් සිලෝන් සමාගම ඒකාබද්ධව දියත් කැරුණකි.‘‘

‘‘ආරම්භක ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකව ඇත්තේ ගාල්ල සහ නුවර යන දිස්ති‍්‍රක්ක දෙකහිය.පසු අවස්ථාවකදී සම්පූර්ණ දිවයිනම ආවරණය වන පරිදි මෙම නිවාස ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබී ඇත.ආරම්භක අදියරේදී ගාල්ල දිස්ති‍්‍රක්කයේ, වකුණගොඩ සහ හබරාදුූව යන ප‍්‍රදේශයන්ගේ පිළිවෙලින් නිවාස 512 ක් හා 516 ක් බැගින් සම්පූර්ණ නිවාස 1088 ක් ඉදිවිය.නමුත් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට වින්කොන් සමාගමට අවස්ථාවක් නොලැබින.එයට හේතුව වූයේ මූල්‍ය ගැටලූ සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් වන ලිපිලේඛණ සකස් කිරීම් හා රෙගුලාසි සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් දැනුමක් ඔවුනට නොතිබීමය.2011 සිට 2015 ජනවාරි මාසය දක්වාම ව්‍යාපෘතිය තිබී ඇත්තේ එක තැනය.‘‘

‘‘හබරාදූව නිවාස සංකීර්ණය අද පවතින්නේ ඉතාම අයහපත් තත්ත්වයකය.එය නැවත ජීවත්වීම සදහා සුදුසු තත්ත්වයකට පත්කිරීමට නම් රුපියල් ලක්ෂ 6000 ක මුදලක් යෙදවීමට අවැසිය. නමුත් රජයේ සේවකයින් අතර හබරාදුූව නිවාස සංකීර්ණයට ඇති වෙළදපළ ඉල්ලූම සළකා බලන විට එවැනි මුදලක් එහි සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවීම සාධාරණීකරනය කළ නොහැකි බවද පැහැදිලිය.‘‘

‘‘හබරාදූව ව්‍යාපෘතිය මිලයට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 9000 කටය.නමුත් එය සංවර්ධනය කිරීමෙන් පසු රුපියල් බිලියන 1.3 ක මුදලකට ගැනුම්කරුවන් වෙත විකිණිය හැකි බව ඇස්තමෙන්තු කර ඇත.‘‘

හබරාදුූව ප‍්‍රදේශයේ විදේශීය සහ දේශීය සංචාරකයින්ට නවාතැන් ගතහැකි මිලෙන් අඩු නමුත් තත්ත්වයෙන් උසස් ස්ථාන නොමැති බව පෙන්වා දී ඇති අමාත්‍යවරුන් දෙදෙන එයට විසදුමක් ලෙස හබරාදුූව නිවාස සංකීරණය සංවර්ධනය කොට එය නිවාස පහසුකම් - සංචාරකයින් වෙනුවෙන් පහසුකම් ඇති ස්ථානයක් බවට පත්කළ හැකි බවට නිර්දේශ කර ඇත.රුපියල් බිලියන 1.2 ක පිරිවැයක් යටතේ මෙම සංවර්ධන කටයුතු දියත් කිරීම වෝල්කර්ස් සීඑම්එල් සමාගම වෙත භාරදීම සදහා කැබිනට් අනුමැතිය ලබාගැනීම අමාත්‍යවරුන් දෙදෙනගේ වුවමනාවයි.