‘කෝටි 250 ජනපති මන්දිරේ‘ - මෛත්‍රී


යාපනය කන්කසන්තුරෙයි ඉදිවන ජනාධිපති මන්දිරය ජනසතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.

උතුරු පළාත් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව ජනපති එහි සංචාරය කොට ඉදිවන ජනාධිපති මන්දිරය පිළිබඳව සොයා බැලුවේය.

දැනට 80%ක පමණ වැඩ අවසන්වී ඇති එහි ඇස්තමේන්තු ගත මුදල රුපියල් කෝටි 200කි. මහජන මුදල් විනාශ කරමින් ඉදිවන එවැනි සුඛෝපභෝගී මැදුරක් තම සුඛ විහණයට යොදා නොගන්නා බවද එහිදී මෛත්‍රිපාල සිරිසේන ජනපති පැවසීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ කන්කන්තුරෙයිහි කිසිදු ජනාධිපති මන්දිරයක් ඉදිවෙමින් නොපැවති බවත්, 1980 දී කොටි ත්‍රස්තයින් විනාශ කරනතුරු ජනපති මන්දිරයක් යාපනය කොටුවේ තිබූ බවත්ය. මෙම ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල  ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවත් නාවික හමුදාව එහි ඉදිකිරීම් බාරව සිටි බවත් මහින්ද රාජපක්ෂ මහතා කියයි.

කන්කසන්තුරෙයි හා ආරුගම්බේ ඉදිවෙමින් පැවති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන බවත් ඒවා අනෙක් සම්මන්ත්‍රණ ශාලාවන්ට වඩා වෙනස් වන්නේ නවාතැන් පහසුකම් සහිතව ඉදිකිරීම හේතුවෙන් බවත් හිටපු ජනපතිවරයා පෙන්වා දෙයි.

01 02 03 04 05