‘කොෆි විත් කරන්’ පළමු කොටස


2016-10-11-ent-20

ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනක් වූ ‘කොෆි විත් කරන්’ වැඩසටහනේ පළමු කොටස නොවැම්බර් 06 වැනිදා විකාශය කිරීමට ‘ස්ටාර් වර්ලඩ්’ සැටලයිට් නාළිකාව කටයුතු කර තිබෙනවා. ‘කොෆි විත් කරන්’ වැඩසටහනේ හයවැනි අදියරය සඳහා අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, කාජල්, රාණි මුඛර්ජී, කරීනා කපූර්, සායිෆ් අලී ඛාන්, ප්‍රිටි සින්ටා, අයිශ්වර්යා රායි, සංජය ලීලා බන්සාලි, ෆාරා ඛාන්, අභිෂේක් බච්චන්, අනිල් කපූර්, සෝනම් කපූර්, පරිනිති චොප්රා හා ආලියා භාට් යන පිරිස තෝරා ගෙන ඇති බවට තොරතුරු ලැබෙනවා.

‘ස්ටාර් වර්ල්ඩ්’ රූපවාහිනි නාළිකාව සඳහන් කරන අන්දමට මෙවර ‘කොෆි විත් කරන්’ වැඩසටහන වෙනස් ආරේ මුහුණු වරකින් ඉදිරිපත් කරන්නට සැලසුම් කර ඇති බවයි. පළමු අදියරවලදී බොහෝ විට සිනමා තොරතුරු සඳහා මෙම වැඩසටහන තුළින් වැඩි ඉඩකඩක් වෙන් කළද මෙවර වැඩසටහන තුළින් මෙම සිනමා තරුවල පෞද්ගලික ජීවිතවල තොරතුරුවලට වැඩි ඉඩකඩක් වෙන් කරන්නට සැලසුම් කර ඇති බවයි.