‘කොළොන්නාවෙන් යළි දේශපාලනය අරඹනවා‘


තම ශරීර සෞඛ්‍ය ගැටළුවක් නොවේයැයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වන සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට ටික වේලාවකට පෙර ‘එසැණ‘ සමග පැවසීය.

අද පස්වරු 1.30ට පමණ සිය මව සහ පියා සමග ඔහු පැලවත්තේ සිය නිවසට පැමිණියේය.

කළු කලිසමක් හා කහ කොටු කමිසයකින් සැරසී සිටි දුමින්ද සිල්වා පැවසුවේ කොළොන්නාව ආසනය භාර ගෙන දේශපාලන වැඩ කරගෙන යන බවයි.

මන්ත්‍රීවරයා මාධ්‍ය සමග සුහදව කතා කළේය.

දුමින්දගේ පියා පැවසුවේ පුතා කියන දේ හැර වෙනත් දෙයක් තමාට කියන්නට නැති බවයි.

දුමින්ද සිල්වා රෝහලෙන් පිටවී යද්දී මාධ්‍ය සමග කතා කළේ නැත.