‘කොරෝනා ගැන මිස වෙන දේවල් අහන්න එපා’


(නිමල කොඩිතුවක්කු)
 
කොරෝනා වෛරසය හේතුවෙන් රටට භයංකාර අවදානම්  තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් දේශපාලන කරුණු ගැන පසුව කතා කිරීමට අපේක්ෂා කරන බව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස  මහතා පැවැසීය.
 
වෙනත් දේ ගැන කතාකළොත් කොරෝනා වෛරසය සම්බන්ධ සාකච්ඡාව යටපත්වනු ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා ඉදිරි දින කිහිපය තුළ විධිමත් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා දේශපාලන කරුණු කාරණා  ගැන කතා කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
 
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ අද(31) පැවති   මාධ්‍ය හමුවකදී වත්මන් දේශපාලන තත්වය පිළිබඳ මාධ්‍යවේදියකු කළ විමසීමකදී   ඔහු මේ බව පැවැසීය.
 
එහිදී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මිස වෙනත් ප‍්‍රශ්න පිළිබඳ විමසීමෙන් වළකින ලෙසට විපක්ෂනායකවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

 (ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )