‘කොරේ පිටට මරේ‘


විසිඑක් හැවිරිදි සිරකරුවකුට රෝග මර්දනයේ සහජ හැකියාව හීනවීමේ ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි බන්ධනාගාර නිලධාරීහු ලෝක ඒඩ්ස් දිනයදා මහාධිකරණ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතාට දැනුම් දුන්හ.

සතුන් සොරකම් කළ බවට වැරදිකරුවකු වූ ඔහු නියම කළ දින 600ක සිර දඬුවමට එරෙහිව කළ අභියාචනය කැඳවූ අවස්ථාවේ බන්ධනාගාරය එලෙස දැනුම් දුන්නේය.

සෞදියේ රැකියාවකට ගොස් නැවත ලංකාවට පැමිණි පසු කාන්තාවක ඇසුරු කළ බවත් එවකට තම වයස අවුරුදු 18ක් බවත් ඒඩ්ස් රෝගය බෝවන්නට ඇත්තේ ඇගෙන් බවත් තරුණයා හඬමින් අධිකරණයට පැවසීය.

අභියාචනය අවසන් වනතුරු ඔහු ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

කොළඹ පිහිටි ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයට ගොස් වෛද්‍ය පරීක්ෂණයක් කරවාගෙන එම වෛද්‍ය වාර්තාද රැගෙන ජනවාරි 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරු ඔහුට දැනුම් දුන්නේය.