කොත්මලේ ඡලාශයේ වේල්ලේ ඇති වි ඇති ඉරි තැලීම් හා පිපුරුම් තත්වයෙන් කොත්මලේ ජලාශයට කිසි අවදානමක් නැති බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.
මහවැලි අධිකාරියට අයත් කොත්මලේ වික්ටෝරියා ජලාශයද පොල්ගොල්ල ජල හැරවුමද (15) දා නිරික්ෂණය කර එහි වත්මන් තත්වය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ නිරික්ෂණය කිරිමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවැසිය.
කොත්මලේ ඡලාශ වේල්ලේ ඉරි තැලීම් හා පිපුරුම් තත්වයන් නිසා සමහරුන් බිය පළ කලද වසර ගණනාවක් තිස්සේ මහවැලි අධිකාරිය කළ පරික්ෂණ මගින් ජලාශයේ වේල්ල ශක්තිමත් හා ආරක්ෂිත බව මහවැලි අධිකාරියේ නිලධාරින් තහවුරු කර ඇති බවත් කිසිවකු අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් අමාත්‍යවරයා එහිදි පැවැසිය.



