‘කොටි මාස්ටර්ලා සම්බන්ධ තීරණයක් නැතිලු‘


කොටි සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක වූ ‘දයා මාස්ටර්‘ සහ භාෂා පරිවර්තක ‘ජෝර්ජ් මාස්ටර්‘ යන දෙදෙනා පිළිබඳව ගත යුතු ඉදිරි නෛතික පියවර සම්බන්ධයෙන් නීතිපති උපෙදස් සදහා යොමුකර වසර 05ක් ඉක්ම ගියද මෙතෙක් උපදෙස් ලැබී නැතැයි රහස් පොලීසිය අද (14) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.

2014. 10. 06, 2015. 06. 18 සහ 2015. 11. 16 සිහි කැඳවීම් ලිපි යොමුකර තිබිණි.

පේදුරුතුඩුවේ වේලායුධන් දයානිදි හෙවත් ‘දයා මාස්ටර්‘ සහ පේදුරුතුඩුවේ වේළුපිල්ලේ කුමරු පංචරත්නම් නොහොත් ‘ජෝර්ජ් මාස්ටර්‘ අධිකරණයේ පෙනී සිටියහ. ඔවුහු ඇප මත සිටිති.

ඉකුත් 2009 වර්ෂයේ මානුෂීය මෙහෙයුම පැවැති අවස්ථාවේදී ශ‍්‍රී ලංකා යුද හමුදාව මෙම දෙදනා  ඕමන්ත පොලිසියට භාරදීමෙන් අනතුරුව මොවුන් දෙදෙනාගේ කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සදහා  ඕමන්ත පොලීසිය ඔවුන් රහස් පොලිසියට බාර දුන්නේය.