කවදාවත් පරාජය කරන්න බෑ කිව්ව කොටි පරාද කළ මහින්ද රාජපක්ෂට මේ ආණ්ඩුව පරාජය කිරීම එතරම් දෙයක් නොවන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා දෙහිඕවිට පැවැති උත්සවයකදී පැවසීය.
‘යහපාලනයට එකතු වී ඉන්න සියලු දෙනා එකතුවී අපි මේ බලවේගය ගොඩනැගිය යුතුයි. මේ කරගෙන යන වැඩපිළිවෙළට විරුද්ධ ජනතාවට නායකත්වය දෙන්න මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් කටයුතු කරනවා.‘ යැයිද ඔහු කීවේය.

