කොටි සැකකරුවනට එරෙහිව කඩිනමින් නඩු විභාග කර අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණයක් පත් කිරීමට ඉඩ ඇතැයිද විනිසුරු මණ්ඩලයකින් සමන්විත අධිකරණයකින් එවැනි නඩු විභාග කළ හැකිදැයි නීතිපති අගවිනිසුරු සමග සාකච්ඡා කරනු ඇතැයිද අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා යාපනයේ කළ සංචාරයකදී අධිකරණයට ගොස් මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් හා නීතිඥවරු පිරිසක් සමග කළ සාකච්ඡාවකදී පැවසීය.
රාජපක්ෂ මහතා එහිදී මෙසේ පැවසීය.
‘රඳවා සිටින අය කොටස් තුනකි. කොටසක් වරදකරුවෝ වී සිටිති. තව පිරිසකට නඩු පවරා ඇත. තවත් පිරිසකට එරෙහිව පරීක්ෂණ පැවැත්වේ. බරපතල චෝදනා නැති හා පිළිගත හැකි සාක්කි නැති පිරිස් මුදා හැරීම ගැන නීතිපතිගේ අවධානය යොමුවී තිබෙනවා.
‘එවැනි අය ඇප මත මුදාහැරීමේ ඉඩකඩ දැන් සොයා බලාගෙන යයි. නඩු පවරා ඇති අයට එරෙහිව කඩිනමින් විභාග පැවැත්වීමට රජය ක්‍රියා කරගෙන යනවා. අලුත් උසාවියකුත් ආරම්භ කරනවා. පමාවකින් තොරව එම නඩු විභාග කර අවසන් කිරීමයි රජයේ උත්සාහය.
මරණ දඬුවම ශ්‍රී ලංකාවේ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2008 දී මරණ දඬුවම අත්හිටුවීමට ගත් තීරණය අනුව සාමාජික රටක් වන ශ්‍රී ලංකාවත් එය ක්‍රියාත්මක කරන්නේ නැහැ. වසර දෙකෙන් දෙකට එම දඬුවම සාමාජික රටවල් විසින් අත්හිටවෙනවා.
මරණ දඬුවම පනවන රටවල් අතරට ශ්‍රී ලංකාවත් ගැනෙනවා. ඒත් එක්සත් ජාතීන්ගේ තීරණය අනුව එය වසර දෙකෙන් දෙකට අත්හිටුවනවා. එක්සත් ජාතීන්ගේ එම යෝජනාවට ශ්‍රී ලංකාව වසර කිහිපයක් අත්සන් තබලත් මෙවර ඉදිරිපත්වන යෝජනාවට අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තවත් දෙවසරකට අත්හිටවෙනවා‘




