මෙරට හමුදාව ප්‍රතිසංවිධානය කරන්නැයි ලෝකයේ කිසිදු රටක් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් හෝ යෝජනාවක් කර නොමැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙහිවල අත්තිඩියේදී අද (19) ප්‍රකාශ කළේය.
යුද්ධයෙන් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඉදිකළ ලංකාවේ පළමු භෞත චිකිත්සක පිහිනුම් තටාකය විවෘත කරමින් ජනපති එසේ පැවසීය.
එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ වී විදේශගතව සිටි ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ සිහිනයද අත්හැර දමා නැතැයි ද ජනපති පැවසීය.
ආණ්ඩුව රට බෙදීමට කටයුතු කරමින් සිටින්නේ යැයි විවිධ පාර්ශව වැරදි මතවාදයක් ගෙන යන බවද ජනපති කීවේය.





