ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පැවැති කාලයේ සිදුකළ පිපිරීම් හා ඝාතන සඳහා යොදා ගත් පුපුරණ ද්‍රව්‍ය සැපයූ ප්‍රධානියා වූයේ කුමරන් පද්මනාදන් බවත්, වහා ඔහු අධිකරණයක් ඉදිරියට පැමිණවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු කොටි ත්‍රස්තවාදීන්ගේ නායකයා වූයේ කේපී බවත්, ශ්‍රී දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය, රජිව් ගාන්ධි ඝාතනය ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තර පොලිසියේ වරෙන්තු කරුවකු බවත්, ඔහුට නිදැල්ලේ හැසිරීමට ඉඩ දීම බරපතල අපරාධයක් බවත් රණවක මහතා සඳහන් කරයි.


