‘කුසුමා‘ කුසුම කතානායකට


මෙරට වාමාංශික දේශපාලනයේ ප්‍රබල කාන්තා නියෝජිතවරියක් ලෙස සැලකෙන කුසුමා ගුණවර්ධන මහත්මියගේ දේශපාලන ජීවිතය අළලා ලියැවුණු ‘කුසුමා‘ කෘතිය එළි දැක්වීම කොළඹ 07 කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා ආයතනයේදී අද පැවැත්විණ.

කුසුමා ගුණවර්ධන ජන්ම ශත සංවත්සර කමිටුව විසින් මෙය සංවිධානය කර තිබූ අතර කුසුමා ගුණවර්ධන මහත්මියගේ එකම දියණිය වන ලක්මිණී ගුණවර්ධන මහත්මිය රචනා කළ අතර කුසුම් දිසානායක මහත්මිය විසින්  මෙම කෘතිය සිංහලට පරිවර්ථනය කළාය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා සහභාගී විය.

කුසුමු ගුණවර්ධන මහත්මියගේ දරුවන් වන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, හිටපු අමාත්‍ය ඉන්දික ගුණවර්ධන හා කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වන ප්‍රසන්න ගුණවර්ධන යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.