(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා " කුෂ් " මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ විදේශික ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 45 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙකි . ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවර ජංගම දුරකථන අලෙවි සැළක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකි .
ඔහු රැගෙන ආ ගමන් මලු තුළ වූ ටොෆී සහ චොකලට් අඩංගු පැකට් තුළ , මෙම " කුෂ් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 40 ක ප්‍රමාණය සගවා ගෙන තිබියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහුගේ සහෝදරයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිටින අතර , මොහු මීට පෙර අවස්ථා කීපයකදීම එම සහෝදරයා මුණ ගැසීමේ මුවාවෙන් , මෙරටට පැමිණ ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගැනීමට සමත් වී තිබේ .