‘කුෂ්‘ සමඟ විදේශිකයා අත්අඩංගුවට


(ගයාන් සූරිය ආරච්චි)

ඉන්දියාවේ දිල්ලි නුවර සිට මෙරටට ගුවන් යානයකින් රැගෙන ආ කුෂ් කිලෝ 10 සහ ග්‍රෑම් 750ක්  සමඟ ඉන්දියානුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිදි ඉන්දියානු ජාතිකයෙකි.

සැකකරු ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයෙන් ගමන් කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.