‘කුෂ්‘ සමඟ ව්‍යාපාරිකයා ගුවන්තොටේදී කොටු වෙයි


(ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් තමන් පැළද සිටින කබාය තුළ සගවා ගෙන , ව්‍යාපාරිකයන් සදහා වූ  " රක්ත මාවත " ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(03 ) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු කොළඹ , මරදාන , සංඝරාජ මාවත ප්‍රදේශයේ පදිංච් 48 හැවිරිදි පාවහන් ව්‍යාපාරිකයෙකි . ඔහු විසින් රැගෙන ආ පාවහන් තොගය රේගු නිලධාරීන් විසින් නිශ්කාශනය කරමින් සිටියදී , ඔහු එතෙක් පැළද ගෙන සිටි කබාය ගලවා , පසෙක වූ පුටුවක දමා තිබේ .

මේ පිළිබද සැක සිතූ රේගු නිලධාරීවරයා , නිශ්කාශන කටයුතු පසෙක තබා , මෙම ව්‍යාපාරිකයා ගලවා දැමූ කබාය ගෙන පරීක්ෂා කරත් දී , ඒ තුළ සගවා ගෙන තිබූ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 847 ක් බර මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ .