‘කුවේනී ශාපය ඉවරයි : ආයෙත් යුද්ධයක් එන්නේ නෑ‘


කොටි සංවිධානය යළි නැගිටීමේ අවදානමක් ඇතැයි රජය අනතුරු අඟවද්දී මාතර ශ්‍රී ශිව සුබ්‍රමනියම් හින්දු කෝවිල ජනවාර්ගික සමගිය උදෙසා මහා පූජාවක් පැවැත්වීය.

සියවස් ගණනාවක් පුරා පවතින බව කියන 'කුවේනී ශාපය' ඉවත් කිරීම සඳහා මෙම පූජාව සිදු විය.

කොටි සංවිධානයට යළි පණ දීමේ උත්සාහයක් ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය අනතුරු ඇඟවූයේ සැකකටයුතු දෙමළ කැරළිකරුවන් තිදෙනකු මුලතිව් කැලේදී මරා දැමීමෙන් පසුවය.

මාතර හිංදු කෝවිලේ පූජක මානි සිරිනිවාස එම පූජාව අවසානයේ පැවසුවේ රටේ යළි කවදාවත් යුද්ධයක් ඇති නොවන බවයි.

තිස් වසරකට පෙර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් එම කෝවිල ද විනාශ වූ නමුත් සිංහල හා දෙමළ ප්‍රජාවගේ උදව්වෙන් කෝවිල යළි ගොඩ නැඟිණි.

‘මේ ආකූල, ව්‍යාකූල බව මේ වසර අවසාන වන විට නැති බංග වී යනවා. ඒ බව නක්ශස්ත්‍රෙය් සඳහන් වෙනවා.‘යැයි පූජකවරයා කීවේය.

සිංහල මිත්‍යා විශ්වාස අනුව කුවේනී ශාපය සිංහල ජාති ආරම්භය තරම් පැරණිය.

ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය කුමාරයා ශ්‍රී ලංකාවට පැමිණ කුවේනී නම් යක්ෂණිය සරණපාවා ගත්තාය.

ඉන් පසු ඇය පන්නා දමා ඉන්දියාවෙන් කුමාරිකාවක් සරණ පාවා ගත්ෙත්ය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රජු බවට පත් වූ විජයගේ ඒ් ක්‍රියාවෙන් පසු කුවේනී ශාප කළ බව කියති.

‘විජය හා කුවේනීගේ පිළිරූ අපේ කෝවිලේ පසුගිය පෙබරවාරියේ තැන්පත් කිරීමෙන් අපි ඔවුන් යළි පිළිරූ වතාවට සමගි කළා. විජය හා කුවේනි එක ළඟින් සිටින ප්‍රථිමා ඇත්තේ අපේ කෝවිලේ පමණයි.‘ යනුවෙන් ඔහු කීවේය.

කතරගම දෙවියන් ශ්‍රී ලංකාවේ ආරක්ෂකයා බවත්, ඒ බලයෙන් කුවේනීගේ හාපය ඉවත් වන බවත් සිරිනිවාස පූජකවරයා කියයි.