‘කුමාර් ගුණරත්නම්ට සැලසුම් සහගතව පහර දෙනවා‘


කුමාර් ගුණරත්නම්ගේ ඕස්ට්‍රේලියා පුරවැසි භාවය පිළිබඳ ගැටළුවක් ඉදිරියට දමමින් ඔහුගේ දේශපාලන වැඩපිළිවෙළ සැලසුම් සහගතව විනාශ කිරීමට රජය කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රවිඳු සිල්වා අද (29) මරදාන සී.එස්.ආර් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ තත්ත්වය පරාජය කිරීම සඳහා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කරන සියලූ බලවේග පෙළ ගැසිය යුතු බවත් එසේ නොවුණොත් මෙතැනින් පටන් ගන්නා ගමන ඉතාම අනතුරුදායක දිසාවකට රට ගෙන යන බවත් ඔහු කීවේය.  

peratugami_201622950