‘කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය උදුරා නොගනු‘


සංචාරක වීසා බලපත්‍රයකින් ලංකාවට පැමිණ සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ගේ දේශපාලනය කිරීමේ අයිතිය උදුරා නොගන්නා ලෙස ඉල්ලා අත්සන් කළ ලිපියක් ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ජීනිවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට බාර දුන්හ.

ජනපතිවරයා හා අගමැති වෙත යොමු කළ ලිපිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනුවෙන් එහි දෙවැනි ලේකම් චතුර පෙරේරා මහතා බාර ගත්තේය.

කුමාර් ගුණරත්නම් වෙනුවෙන් උද්ඝෝෂණ කිහිපයක් පෙබරවාරි 6 සහ 7 දිනවල ප්‍රංශයේ පැරිස් නුවර, ඉතාලියේ මිලානෝ හා එක්සත් රාජධානියේ ලන්ඩන් නගරවල පැවැත්වීමට නියමිතය.