‘කුඩු සල්ලි′ නඩුවෙන් නීතීපති පරදී


අපරාධ වලින් උපයාගත් මුදල්වලින් කැලණියේ  රුපියල් පන්කෝටි අසුලක්ෂයකට දේපොළ මිලට ගත්තැයි  චෝදනා ලබා සිටි සුබ්‍රමනියම් රමනීට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව  පැමිණිල්ල ඔප්පු කිරීමට නොහැකි වීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම් මහතා ඇය නිදහස් කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කළ නීතීපති පැවසුයේ රමනී හෙරොයින් කුඩු නියෝජිතයකු වන වේලායුදන් මෙතියස් චන්ද්‍රපාල හෙවත් මර්වින්ගේ බිරිය බවයි.

අපරාධවලින් ඇගේ උපයාගත් මුදල්  දේපොළ මිලට ගැනීමට  යෙද වු බව ඇය දැන සිටි බව පැමිණිල්ල කියා සිටියේය.

එහෙත් එම පුද්ගලයා හෙරොයින් මත් කුඩු අලෙවියට හවුල් බවට සනාථ කිරීමට පැමිණිල්ලෙන් කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකළ බව විනිසුරු කියා සිටියේය.