ඉතා ඉහළ මිල ගණන් වලින් හෙබි මත්පෙති වර්ග කිහිපයක් වසර ගණනාවක් මුළුල්ලේ මෙරට ඉතා සුක්ෂම ක්‍රමවේදයක් අනුගමනය කරමින් අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සහ පුර්වජ රසායන පාලන අධිකාරියේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ පැවසීය.
රෙස්ටොරන්ට් රාත්‍රී සමාජශාලා ‘‘බීර උයන‘‘ නමින් හදුන්වන ස්ථානවල සුක්ෂම ක්‍රමවේදයක් යටතේ මෙම මත්පෙති අලෙවි වෙයි. අලෙවිකරුවන් අත්අඩංගුවට ගැනීමට උපායක් යෙදු බවත් වෛද්‍ය සමරසිංහ මහතා කිවේය.
සුපර් මෑන්, රම්බෝ, ප්ලෙෂර්, හීරෝ යන නාමයන්ගේ පෙති කුඩු පොසින්ජර් ලෙස මේවා අලෙවි වන්නේ රුපියල් තුන්දහසේ සිට රුපියල් හයදහස දක්වා වූ මිල ගණන් වලටයි.
‘‘තරුණ පිරිස් ඉලක්ක කරගෙන මෙම මත්ද්‍රව්‍ය අලෙවිකරන්නේ ධනවතුන් ලෙස වෙස්වලාගත් සමාජයේ ඉහළින් වැජබෙන වැදගතුන් ලෙස පෙනී සිටින කල්ලියක් බවටත් තොරතුරු ලැබී ඇත.‘‘
‘හොරෝයින් මත්ද්‍රව්‍ය හිගවී යන බැවින් මෙම මත්ද්‍රව්‍ය වර්ග ව්‍යාප්ත වීමට ඉඩකඩ ඇති බැවින් තම දරුවන් ගැන අවධානයෙන් සිටින ලෙස අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය දෙමාපියන්ට අනතුරු හඟවමිත් කරයි. දැනට මෙම මත්ද්‍රව්‍ය බිලිවී තිබෙන්නේ මධ්‍යම පාන්තික සහ ඉහළ සමාජ ස්ථරවල දරුවන් බවත් අනාවරණය කරගෙක ඇත.‘
මෙම මත්ද්‍රව්‍ය පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 1984 දුරකථන අංකයට හෝ බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතා යටතේ පවතින විශේෂ ඒකකයට දැනුම් දෙන ලෙස වෛද්‍ය සමරසිංහ ඉල්ලයි.

