‘කුඩු ජෝඩුවක්‘ මාදිවෙලදී අත්අඩංගුවට


හිරගෙදරදී යාළු වී හිරෙන් නිදහස් වී අඹු සැමියන් ලෙස ජීවත්වන දෙදෙනකු හෙරොයින් කුඩු පැකට් 800න් සමග පිටකෝට්ටේ මාදිවෙලදී අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ලත් තොරතුරු අනුව මහරගමදී තවත් පුද්ගලයකු ළඟ තිබී කුඩු පැකට් 400ක් සොයා ගත් බව මිරිහාන විශේෂ අපරාධ පරීක්ෂණ අංශය කියයි.

මහරගම පුද්ගලයා ද හිරෙන් නිදහස් වී ආ අයෙකි.

හිරෙන් නිදහස් වූ කතක වන ‘සුදු අක්කා‘ මේ කුඩු ජාවාරමේ ප්‍රධානියා බව පොලීසිය කියයි.

ඇය සොයා මෙහෙයුමක් ද අරඹා ඇත.

කුඩුවල වීදි වටිනාකම රුපියල් ලක්ෂ හයකි.

මාදිවෙලදී අත්අඩංගුවට ගත් කත මාස දෙකක ගැබිනියක් බව ද පොලීසිය කියයි.