‘කිසිදු ආගමක් හැල්ලු නොකරනු’


බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළැයි තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්ට  ඇප දීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (10) නියෝග කළේය.

රුපියල් දසදහසක මුදල් ඇපයක් ද , ලක්ෂ 10 බැගන් වු ශරීර ඇප 2 ක් ද නියම කැරිණි.

කිසිදු විශ්වාසයකට  මින් පසු පීඩාවක් වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ හොත්  නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් කරන බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.