යාපනය සරසවියේ පැවැති නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී සිසු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහලට ගිය උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ සුවදුක් විමසීය.
‘සිසුවාට ගල් වලින් පහරදුන් පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා. කිසි කෙනකුට නීතිය අතට ගන්න බැහැ. ඒ නිසා මම සීසීටීවී දර්ශන නරඹලා ඒ පුද්ගලයන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නා‘ යැයිද ඔහු කීය.