‘කිරි හරකා කප් රුකක් වෙයි‘


ඇගලුම් කර්මාන්ත රැකියාවට ආයුබෝවන් කියා හරකුන් ඇති කර ජීවීතය  ජයගත් තරුණ යුවළක් පශුසම්පත් සම්මාන ප්‍රධානයේදී හොදම ගවපාලනය ,හොඳම තණකොළ වගාව ,හොදම තරුණ කිරි ගොවියා ,හොදම කිරි එළදෙන ,යන සම්මාන හිමිකර ගත්හ.

ඔවුහු ගලේවෙල හොම්බව දඩුවාගොල්ලේ ආර් .ඩි.වසන්ත ලාල් ප්‍රේමරත්න (,31) සමන්ලතා අතපත්තු (29)යන දෙනොයි.

කිරි එළදෙනක් ගෙන් ඇරැඹු ගොවිපොළේ  එළදෙනුන් විසි දෙනෙක් සිටිති.

දිනකට කිරි ලීටර් 100 ක් ලබාගනී .කිරි දෙවීමට නව තාක්ෂණය යොදා ගනී.ගොම වලින් බයෝ ගෑස් නිපදවාගනී .

 ගලේවෙල පශු වෛද්‍ය ඒ .ජි .බෝදාහේවා ගේ මගපෙන්වීම නිසා  මෙම සාර්ථකත්වයට ආ බව ඔවුහු කියති.